චීන සඳ දෙවඟන සඳමතට ගොඩ බසී

Wednesday, 02 December 2020 - 8:01

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B7%83%E0%B6%B3+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%9F%E0%B6%B1+%E0%B7%83%E0%B6%B3%E0%B6%B8%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B6%E0%B7%83%E0%B7%93
චීන වැසියන් සඳ දෙවඟන හඳුන්වන චන්ගී ලෙස නම් කෙරුණු එරට චන්ද්‍ර ගවේෂණ වැඩසටහනේ වැදගත් ඉදිරි පියවරක් ඊයේ සනිටුහන් කෙරුණා.

ඒ, චන්ගී-පහ චන්ද්‍ර ගවේෂණ රොබෝ යානය සඳ මතට ගොඩබැස්සවීමත් සමඟයි.

චන්ද්‍රයාගේ ගිනි කඳු සංකීර්ණයක් පිහිටි කලාපයට ගොඩ බසින ලද එම විශේෂිත යානයේ රොබෝ උපකරණ මගින් චන්ද්‍ර පාෂාණ එක්රැස් කර ගැනීමට නියමිතයි. ඉදිරි දින දෙක තුළදී එලෙස කිලෝග්‍රෑම් දෙකක පමණ සඳ පස් සහ පාෂාණ එක්රැස් කර ගන්නා අතර, ඒවා කඩිනමින් පෘථිවිය මතට ගෙන්වා ගැනීමට අදහස් කරන බව චීන අභ්‍යවකාශ වැඩසටහන ප්‍රකාශ කළා.

චීනය සඳේ සිට පාෂාණ මෙලෙස පොලවට රැගෙන ඒමට සැරසෙන්නේ වසර 44 ක විරාමයකින් අනතුරුවයි. එලෙස අවසන් වරට සෝවියට් ලූනා 24 යානය මගින් රැගෙන ආ චන්ද්‍ර පාෂාණ ප්‍රමාණය ග්‍රෑම් 200 ක් පමණයි.

චීන ගවේෂණ යානය චන්ද්‍ර පාෂාණ රැගෙන ඒම සඳහා සඳ මතට ගොඩ බැසීම සම්බන්ධයෙන් අමෙරිකානු නාසා ආයතනයේ ප්‍රධාන විද්‍යාඥයාද සුබ පැතුම් එක් කළා.