මහර මියගිය රැඳවියන් 9 කට කොරෝනා (වීඩියෝ)

Wednesday, 02 December 2020 - 8:09

%E0%B6%B8%E0%B7%84%E0%B6%BB+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+9+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මහර බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ සිද්ධියේදී ජීවිතක්ෂයට පත්වූ රැඳවියන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ, ඊයේ සිදුකළ ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුවයි. රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කළේ එලෙස තහවුරු වූ නව දෙනාට අමතරව මියගිය තවත් රැඳවියන් දෙදෙනෙකුගේ සිරුරු අද පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමට නියමිත බවයි.

මේ අතර, රාගම රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුල් කළ රැඳවියන්ගෙන් 27 දෙනෙකු පමණ තවදුරටත් එම රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඊයේ රාත්‍රියේ කිසිදු සිද්ධියක් එම බන්ධනාගාර තුලින් වාර්තා නොවු බවයි.

මේ අතර, මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වු සිද්ධියට මූලිකත්වය සහ නායකත්වය ගෙන කටයුතු කළ රැඳවියන් 125 දෙනෙකු පමණ හදුනා ගෙන ඇති අතර, ඔවුන්ට එරෙහිව ඉදිරියේදි නඩු පවරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බන්ධනාගාර කොමාසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඊයේ පස්වරුව වනවිට අදාළ සිද්ධිය සම්පුර්ණයෙන්ම පාලනය කිරිමට හැකි වු බවයි. මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ සිද්ධියෙන් රැඳවියන් 106 දෙනෙකු සහ නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර, මියගිය රැඳවියන් සංඛ්‍යාව 11 ක්.