ගුරුත්වයෙන් තොර අභ්‍යවකාශයේ පැළෑටි වගා කළ හැකි දැයි තහවුරු කර ගැනීම සඳහා නාසා ආයතනය මගින් අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයේ සාර්ථක රාබු වගාවක් සිදුකර තිබෙනවා.
ජාත්‍යන්තර මධ්‍යස්ථානයට අනුබද්ධ යුරෝපීය කොලොම්බස් කුටීරය තුළයි එම වගාව සිදුකර ඇත්තේ.
ඉදිරියේදී සඳ සහ අඟහරු වෙත මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් සංවිධාන කෙරෙන නිසා නැවුම් ආහාර අභ්‍යවකාශයෙන් ලබාගැනීම පිළිබඳව නාසා ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.
එමෙන්ම, දිගු අභ්‍යවකාශ ගමන්වලට අවශ්‍ය විටමින් සහ ඛනිජ ලවන එමඟින් ලබාගත හැකිවනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි. මුල් රඳවා ගැනීමට තවදුරටත් ගුරුත්වයේ බලපෑමක් නොමැති නිසා මෙම රාබු පැළ විශේෂයෙන් සැකසූ කොට්ට තුළ රඳවා ඇති අතර, ඊට පොහොර, ජලය මෙන්ම ආලෝකය ලබාදීම සිදුකෙරුණා.