උතුරු, නැගෙනහිර වෙරළ ආශ්‍රිත ජනතාව ආරක්ෂිත කඳවුරු වෙත යොමුකිරීම ඇරඹේ

Wednesday, 02 December 2020 - 14:16

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%2C+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85+%E0%B6%86%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
බුරවී සුළි කුණාටුවෙන් අවදානමට ලක්විය හැකි උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙරළ ආශ්‍රිතව ජීවත් වන ජනතාව ආරක්ෂිත කඳවුරු වෙත යොමුකිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

එම ජනතාවට අවශ්‍ය පහසුකම් පිළිබඳව නිරන්තරයෙන් සොයා බලන ලෙසටයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ අනුව මෙම සුළි කුණාටුවෙන් යම් අපදාවක් සිදු වුවහොත් එම ජනතාවට සහන සැලසිම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද ආණ්ඩුකාරවරිය සඳහන් කළා.

සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 200 ක් නැගෙනහිරට බරව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද මධ්‍යහ්න 12 ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

අදාළ පද්ධතිය ඊසාන දිග වෙරළෙන් රාත්‍රී 7 ත් 10 ත් අතර මෙරටට ඇතුළු විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories