ෆයිසර් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය

Wednesday, 02 December 2020 - 19:46

%E0%B7%86%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
ඇමෙරිකානු ෆයිසර් සහ ජර්මානු බයෝ - එන්ටෙක් ඖෂධ නිෂ්පාදන සමාගම් ඒකාබද්ධව නිපදවූ කොවිඩ් 19 එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව, එරට ජනතාවට ෆයිසර් -  බයෝ - එන්ටෙක් එන්නත භාවිත කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.

ෆයිසර් එන්නත පුළුල් භාවිතයට අනුමත කළ ප්‍රථම බටහිර රට වන්නේ ද බ්‍රිතාන්‍යයි.

මීට අමතරව, මොඩර්නා එන්නත ද ඇමෙරිකාවේ සහ යුරෝපයේ නියාමන අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර, මිලියන 120 ඉක්මවූ ජපානයේ සියලු වැසියන්ට කොරෝනා වෛරස් එන්නත නොමිලේ ලබාදීම සඳහා එරට පාර්ලිමේන්තුව අද (02) පනතක් සම්මත කර ගනු ලැබුවා.