“බුරවි” සුළි කුණාටුව,ගොඩබිමට

Wednesday, 02 December 2020 - 20:41

%E2%80%9C%E0%B6%B6%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E2%80%9D+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%2C%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7
දිවයිනට ගිණිකොණ දෙසින් බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති බුරවි සුළි කුණාටුව අද රාත්‍රී 9ට පමණ දිවයිනට ඇතුළු වුණා.

කාලගුණ අංශ අනාවැකි පළකරන්නේ එය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන්කර හෙට පෙරවරුවේ මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇති බවයි.

බුරවි සුළි කුණාටුව මුලතිව් සහ ත්‍රිකුණාමලය ප්‍ර දේශ අතරින් අද රාත්‍රී 9ට පමණ දිවයිනට ඇතුල්වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

රට තුළට ඇතුළුවූ සුළි කුණාටුව, සුළං රටා හැසිරීම පිළිබඳ අනාවැකි පළකරන ජාත්‍යන්තර වෙබ් අඩවියක් වන windy.com හි සටහන් වී  තිබුණා.

මේ සුළි කුණාටුව රටට ඇතුළුවූ අවස්ථාවේදී නැගෙනහිර ප්‍ර දේශ කිහිපයක ලබාගත් දර්ශනයි.

බුරවි සුළි කුණාටුව හෙට උදෑසන 8 පමණ වන විට මන්නාරම දිස්ත්‍රිකයේ මන්නාරම්තුඩුව පසු කරමින් ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන කරනු ඇතැයි එම වෙබ් අඩවිය අනාවැකි පළ කරනවා.

මේ අතර, බුරවි සුළි කුණාටුව නැගෙනහිර වෙරළට ඇතුළුවන කාලයේදී මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවට  කාලගුණ අංශ අනතුරු අඟවනවා.

ඒ අනුව ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පුනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍ර දේශවල වෙරලාසන්න මහත්බිම් මුහුදු ජලයෙන් යටවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම උතුර, උතුරුමැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට අද දිනයේ විටින් විට පැ.කි.මී. 80-100ත් අතර වන ඉතා තද ප්‍රහාරත්මක සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ රතු නිවේදනයේ සඳහන්.

සෙසු පළාත්වල පැ.කි.මී. 60-70ත් අතර වේගයකින් තද සුළං තත්ත්වයන් ඇතිවිය හැකියි.

මීට අමතරව, බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල බොහෝ ස්ථානවලට මිලිමීටර් 200ට වඩා ඉතා තද වැසි ඇතිවිය හැකි අතර, එය අධි අවදානම් තත්ත්වයක් ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.