රජිනිකාන්ත්ගේ දේශපාලන පක්ෂය දෙසැම්බර් 31 වනදා ප්‍රකාශයට

Thursday, 03 December 2020 - 13:19

%E0%B6%BB%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+31+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
කොලිවුඩ් පුරයේ සුපිරි නළු රජිනිකාන්ත්ගේ දේශපාලන පක්ෂය ලබන 31 වනදා ප්‍රකාශයට පත් කරන බව අද නිවේදනය කෙරුණා.

ඒ අනුව, නව දේශපාලන පක්ෂය ලබන ජනවාරියේ දියත් කෙරෙන බවයි චෙන්නායි නුවර රජිනි - මක්කල් මන්ද්‍රම් හි පැවති හමුවකින් අනතුරුව රජිනිකාන්ත් ප්‍රකාශ කළේ.

ඔහු දේශපාලනයට පිවිසෙන බව බොහෝ කලකට පෙර ප්‍රකාශයට පත් කළ ද මෙතෙක් සිය දේශපාලන පක්ෂය පිහිටුවා තිබුණේ නැහැ.

මීට පෙර කොලිවුඩ් නළු කමල් හාසන් විසින් ද මක්කල් නීදි මයියම් නමින් දේශපාලන පක්ෂයක් තමිල්නාඩුවේ පිහිටුවනු ලැබුවා.