ෆයිසර් - බයෝඑන්ටෙක් කොවිඩ් 19 එන්නත බ්‍රිතාන්‍යයේ භාවිතයට අනුමැතිය හිමිවීමෙන් පසු එම එන්නත් මාත්‍රා පළමු තොගය ඊයේ එහි ළඟා වී තිබෙනවා.
අමෙරිකානු ෆයිසර් සහ ජර්මානු බයෝඑන්ටෙක් සමාගම් ඒකාබද්ධව සංවර්ධනය කළ මෙම කොවිඩ් 19 එන්නත් තොගය බෙල්ජියමේදී නිෂ්පාදනය කර ඇති අතර, යුරෝ ටනල් හරහා බ්‍රිතාන්‍යයට රැගෙනවිත් තිබෙනවා.
බ්‍රිතාන්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 40 ක් ඇණවුම් කර ඇති අතර, එය මිලියන 20 ක් ජනතාව එන්නත් කිරීමට ප්‍රමාණවත්.
ඊයේ රැගෙන ආ එන්නත් මාත්‍රා තොගය හෙලිදරව් නොකළ ස්ථානයක ගබඩා කර ඇති අතර, අදාළ රෝහල් වෙත මුදා හැරීමට නියමිතයි.
බ්‍රිතාන්‍යය මෙම කොවිඩ් එන්නත් සත්කාරක නිවාසවල වෙසෙන වයස්ගත පුද්ගලයින්ට සහ ඒවායේ කාර්ය මණ්ඩලවලට මුලින්ම ලබාදෙන අතර, වයස අවුරුදු 80 ඉක්මවූවන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඊලඟට එම එන්නත් ලබාදෙනු ඇති.
ෆයිසර් - බයෝඑන්ටෙක් කොවිඩ් 19 එන්නත මගින් බ්‍රිතාන්‍යයේ කොවිඩ් 19 ආසාදිතයින් රෝහල්ගත කිරීම සහ මරණ 99% කින් වැළැක්වීමට හැකිවනු ඇති බව එරට නියෝජ්‍ය වෛද්‍ය ප්‍රධානී මහාචාර්ය ජොනතන් වෑන්-ටෑම් ප්‍රකාශ කළා.