ඉරානයේ කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවයි

Friday, 04 December 2020 - 9:12

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඉරානයේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මිලියනයේ සීමාව ඉක්මවා තිබෙනවා.

ඒ, ඊයේ වාර්තා වූ නව ආසාදිතයින් 13,922 දෙනෙකු සමඟයි.

එමෙන්ම, ඊයේ සිදුවූ මරණ 358 ත් සමඟ එරට කොරෝනා මරණ සංඛ්‍යාවද 49,348 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව මීට වඩා ඉහළ අගයක් ගත හැකි බව ඉරාන සෞඛ්‍ය අමාත්‍ය සයිඩ් නමාකීද පිළිගෙන ඇති කරුණක්.

ඉරානයේ කොවිඩ් 19 ව්‍යාප්තිය ආරම්භ වූයේ පසුගිය පෙබරවාරි 19 වැනිදා ‘කොම්’ ෂියා ආගමික ශුද්ධ නගරයේ වයස්ගත පුද්ගලයින් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී මියයාමත් සමඟයි.