ආනයනය නතර කිරිමත් සමඟ ජපාන වාහන අපනයනකරුවන් දැඩි අසීරුතාවක

Friday, 04 December 2020 - 9:24

%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
කොරෝනා ව්‍යාප්තියත් සමඟ වාහන ආනයනය නතර කිරිමට රජය ගත් තීරණයත් සමඟ ජපානයේ වාහන අපනයනකරුවන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව ජපානයේ වාහනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති නිශාන්ත මීගල්ල මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ සිය සංගමයේ එරට සිටින සමාජිකයින් මෙරටට ආනයනය කිරිමට සුදානම් කර ඇති වාහන එරට වරායන් තුළ ගාල් කර ඇති බවයි.

මේ හේතුවෙන් ඔවුන් ගැටළු රැසකට මුහුණ දී ඇති අතර, පසුගිය මාර්තු මාසයට පෙර මෙරටට ආනයනය කිරිමට ඇනවුම් කර තිබූ වාහන පමණක් ගෙන්වීමට කටයුතු කරන ලෙසයි ජපානයේ වාහනකරුවන්ගේ සංගමයේ සභාපති නිශාන්ත මීගල්ල එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.