අටලුගමදී පී.එච්.අයි. ට කෙල ගැසූ කොරෝනා ආසාදිතයා අත්අඩංගුවට ගන්නැයි නියෝග (වීඩියෝ)

Friday, 04 December 2020 - 9:38

%E0%B6%85%E0%B6%A7%E0%B6%BD%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B6%A7+%E0%B6%9A%E0%B7%99%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
බණ්ඩාරගම - අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු රැගෙන යාම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු සුව අතට පත්වූ පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර තිබෙනවා.

ඒ, සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් පසුවයි.

පෙරේදා දිනයේ අදාළ කොරෝනා ආසාදිතයා අටලුගම ප්‍රදේශයේදී මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගසා බැන වැදී තිබුණා.

මේ අතර, මුහුණු ආවරණ නොපැළඳීම සහ දුරස්ථභාවය ආරක්ෂා කර නොගැනීම සම්බන්ධයෙන් ඊයේ දිනය තුළද පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් 30 වැනිදා සිට මේ දක්වා එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 1,014 ක්.