කොරෝනා ආසාදිතයන් රැගෙන ගිය බස් රථයක් සහ සාමාන්‍ය බස් රථයක් එකිනෙක ගැටීමෙන් පොළොන්නරුව-මඩකළපුව ප්‍රධාන මාර්ගයේ නාමල්ගම හා අසේලපුර අතර අනතුරක් සිදුව තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මරදාන සිට කොරෝනා රෝගීන් රැගෙන ආ බස් රථයක් සහ කල්මුණේ කදුරුවෙල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් බවයි සඳහන් වන්නේ.
අනතුර හේතුවෙන් බස්රථ දෙකෙහි රියදුරන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තාවන්නේ.
අනතුර සිදුව අවස්ථාවේ කොරෝනා ආසාදිතයන් රැගෙන ගිය බස් රථයේ ආසාදිතයන් 23ක් ගමන්කර සිට ඇති බවද සඳහන්.
අනතුරින් ඔවුන්ට හානියක් සිදුව නොමැති බවද සඳහන්.
වැලිකන්ද පොලීසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.