වසර 44 කට පසු ප්‍රථම වරට සඳේ පස් සහ පාෂාණ රැගත් අභ්‍යවකාශ යානයක් ඊයේ රාත්‍රියේ සඳ මතුපිටින් නික්මුණා.
ඒ චීන චන්ගි 5 අභ්‍යවකාශ මෙහෙයුමේ අවසන් අදියර යටතේයි.
සඳ දෙවඟන හෙවත් චන්ගි ලෙස නම් කෙරුණු චීන අභ්‍යවකාශ යානයේ රොබෝ උපාංගය සඳේ ගිනි කඳු සහ ආවාට සහිත ප්‍රදේශයකට පසුගිය පළවැනිදා ගොඩබස්වනු ලැබූ අතර, එමගින් චන්ද්‍ර පාෂාණ කිලෝග්‍රෑම් 2 ක් පමණ එක්රැස් කරගෙන තිබෙනවා.
එය මව් යානය සමග එක්වී නැවත පෘථිවිය කරා ළගා වීමට නියමිතයි.
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, සඳේ පස් පොළොවට රැගෙන ආ තුන්වන රට බවට චීනය පත්වනවා.
මීට පෙර 1960 සහ 70 දශකවලදී ඇමෙරිකානු සහ රුසියානු අභ්‍යවකාශ යානා සඳේ පාෂාණ පෘථිවියට ගෙන එනු ලැබූ අතර අවසන් වරට 1976 වසරේදී එලෙස චන්ද්‍ර පාෂාණ රැගෙන ආවේ සෝවියට් ලූනා 24 යානයෙන්.