කොරෝනා හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන සියලු සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්රිත සංචාරක කටයුතු අද (04) සිට සංචාරකයින් සඳහා නැවත විවෘත කර තිබෙනවා.
ඒ අනුව, දෙසැම්බර් මාසයට අදාළව සංචාරක නිවාස සහ කඳවුරු බිම් කලින් වෙන් කර ගත් සංචාරකයින්ට නියමිත දිනයන්හි ඒවායේ නවාතැන් ගත හැකි බවයි වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පසුගිය මස දෙවනදා සිට මේ මස 03 වනදා දක්වා අදාළ ස්ථාන වෙන් කර ගත් අයට ලබන වසරේ මාර්තු 31 දක්වා වන කාලය තුළ නව දිනයක් වෙන් කර ගත හැකි බව ද වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.