ෆාම් ඔයිල් සමාගම් දෙකක් නිසා රේගුවට රුපියල් මිලියන 6130ක පාඩුවක්

Friday, 04 December 2020 - 19:28

%E0%B7%86%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%94%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+6130%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ෆාම් ඔයිල් සමාගම් දෙකක් නිසා ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6130ක් අහිමිවී ඇති බව පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේදි අනාවරණ වී තිබෙනවා.

2013 සිට 2016 වර්ෂය දක්වා කාලය ඇතුළත මෙරටට ෆාම් ඔයිල් ආනයනය කළ ප්‍රධාන සමාගම් 02ක් නිසා මෙම පාඩුව සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ශ්‍රී ලංකා රේගු නිලධාරින්ගේ නොසැලකිලිමත්භාවය නිසා අදාළ කාලපරිච්ඡේදය තුළ නිවැරදි භාණ්ඩ සංයෝජිත වර්ගීකරණ යටතේ නිශ්කාෂනය නොකිරීමෙන් මෙම මුදල අහිමිව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණන විමසුමකින් හෙළිදරව් කර තිබෙනවා.

එමෙන්ම, 2013 වසරේ සිට ආනයනකරුවන් විසින් විශේෂ කාර්යයන් සඳහා ආනයනය කළ වාහන, ද්විත්ව කාර්ය වාහන ලෙස ලියාපදිංචි කිරීම නිසා බදු වශයෙන් ලැබිය යුතු රුපියල් මිලියන 220ක් රජය අහිමිවී තිබෙනවා.

ඊට අමතරව, 2010 සිට 2019 දක්වා කාලයෙහි විශේෂිත වෑන් රථ 443ක් සඳහා මිලියන 3 බැගින් බදු නියම කර අවම වශයෙන් රුපියල් මිලියන 1300 ක මුදලක් රජයට අය කර ගත හැකිව තිබූ බව ද මෙහිදී අනාවරණ වුණා.

එමෙන්ම, 2010 සිට 2014 දක්වා වෑන් රථ 10 ක් සහ ලොරි රථ 414 ක් විශේෂිත කාර්ය වාහන ලෙස ආනයනයෙන් විශාල රේගු බදු අක්‍රමිකතාවක් සිදුවී ඇති බව ද විගණනයෙන් පෙන්වා දී තිබූ කරුණු ද පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම්කාරක සභාවේදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.      


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories