රුසියාව එන්නත බෙදා හැරීම ඇරඹේ - ශ්‍රී ලංකාවට ලබා ගැනීම ගැනත් සාකච්ඡා (වීඩියෝ)

Saturday, 05 December 2020 - 19:27

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
රුසියාව නිපදවූ කොවිඩ් 19 එන්නත, ස්පුට්නික් 05, එරට සායන 70 ක් ඔස්සේ බෙදා හැරීම අද ආරම්භ වුණා.

ඒ රුසියානු වැසියන්ට මහා පරිමාණ වශයෙන් කොරෝනා එන්නත් ලබාදීම සඳහා ජනපති ව්ලැදිමීර් පූටින් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි.

රුසියානු කොවිඩ් 19 එන්නත නම් කර ඇත්තේ සෝවියට් යුගයේ රුසියානු චන්ද්‍රිකා පෙළ සිහි ගන්වමින්.

මේ අතර, ඇමෙරිකානු ෆයිසර් සහ ජර්මානු බයෝ එන්ටෙක් ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් නිපදවනු ලැබූ කොවිඩ් 19 එන්නතට මැදපෙරදිග බහරේන රාජ්‍යය විසින් ද අනුමැතිය ලබාදී තිබෙනවා.

බ්‍රිතාන්‍ය හැරුණු කොට එම එන්නත හදිසි භාවිතයක් ලෙස යොදා ගැනීම සඳහා අනුමැතිය ලබාදුන් දෙවන රට වන්නේ බහරේනයයි.

බහරේනය මීට පෙර චීන සිනොෆාම් කොවිඩ් 19 එන්නත තම සෞඛ්‍ය සේවකයන්ට ලබාදීම සඳහා අනුමැතිය ලබා දුන්නා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories