පාස්කු කොමිසමේදී අදත් හෙළිදරව්වක්

Saturday, 05 December 2020 - 19:33

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සේ සහරාන් හෂීම් ප්‍රකාශ නිකුත් කර තිබූ බව ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය එවකට නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණ ද ඒ සඳහා නිසි නීති උපදෙසක් ලබාදී නැති බව අද (05) හෙළි වුණා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අදාළ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයි.

කෙසේ වෙතත්, නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා කරන්නේ සහරාන් හෂීම් සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කොට්ඨාශය සිදුකළ කිසිදු විමර්ශනයක් නීතිපතිවරයා නොදැන සිටි බවටයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි සහ රජයේ අධිනීතිඥ මාලික අසීස් අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා.

මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා EER/08/2017 දරන ලිපි ගොනුව සම්බන්ධයෙන් අධිනීතිඥ මාලික් අසීස්ගෙන් ප්‍රශ්න කළ අතර ඔහු කියා සිටියේ එම ලේඛන පරීක්ෂාවේදී නීති උපදෙස් ලබාදීමට තරම් එහිදී කරුණු අනාවරණ නොවුණු බවයි.

කෙසේ වෙතත්, අදාළ ලිපි ගොනුව සම්බන්ධයෙන් කොමිසම දිගින් දිගටම ප්‍රශ්න කළ අතර, එය පරීක්ෂා කිරීමේදී එහි අඩංගු කරුණු ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව වැටහුණේදැයි තවදුරටත් විමසුවා.

සාක්ෂිකරු සඳහන් කළේ එම අවස්ථාවේ එසේ වැටහුණේ නොමැති බවයි.

ත්‍රස්ත මර්දන කොට්ඨාශය ලබාදුන් තොරතුරු සම්බන්ධයෙන් ද කොමිසම කරුණු විමසූ අතර, සාක්ෂිකාර රජයේ අධිනීතිඥ මාලික් අසීස් එහිදී පැවසුවේ වැදගත් කරුණු කිසිවක් අදාළ කාලය තුළ ඔවුන් නීතිපතිවරයාගේ අවධානය යොමුකර නොතිබූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories