ග්‍රාමීය ප්‍රදේශවල රාජාකාරිය ඉටු කිරීමේදී ජනතාවගේ සාම්ප්‍රදායික ජන ජිවිතයට බාධා එල්ල නොවන පරිදි ඒවා සිදුකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සිදුකෙරෙන ගම සමඟ පිළිසඳරක් වැඩසටහනේ තුන්වන අදියරට අද (18) බලංගොඩදී එක්වෙමින්.
වලේබොඩ - තෝරවෙල්කන්ද මහා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවති මෙම සාකච්ඡාවේදී ග්‍රාමීය ජනතාව සිය ගැටලු ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ අතර, ඒ ඒ අංශවල රාජ්‍ය නිලධාරින් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊට මෙලෙස පිළිතුරු ලබාදුන්නා.
දීර්ඝ කාලයක සිට ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන ඉඩම් ගැටලු හඳුනාගෙන කඩිනමින් විසඳුම් දෙන්නැයි මෙහිදී ජනාධිපතිවරයා අදාළ අමාත්‍යාංශ නිලධාරිනට දැනුම් දුන්නා.
ප්‍රදේශයේ තරුණ තරුණියන් උදෙසා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ද එහිදී තීරණය කෙරුණා.






























Follow US







Most Viewed Stories