රුසියාවේ හිම කඳු කඩාවැටීමෙන් 242ක් අතුරුදන්

Saturday, 09 January 2021 - 16:22

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+242%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
රුසියාවේ නොරිල්ස්ක් නගරයේ හිම කඳු කඩාවැටීමෙන් 242 කු අතුරුදන්වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ සිද්ධියෙන් තුන්දෙනෙකු මියගොස් ඇති බවයි.

අතුරුදන්වූවන් සොයා විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.

මේ අතර ෆිලොමිනේ කුණාටුව හේතුවෙන් ස්පාඤ්ඤයටද දැඩි හිමපතනයක් වාර්තාවනවා.

මැඩ්රිඩ් අගනුවරට ඉදිරි පැය විසි හතර තුළ දරුණු හිමපතනයක් පතිතවිය හැකි බවට අනතුරු අඟවා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා.

ඒ හේතුවෙන් ගුවන් තොටුපලද වසා දමා ඇති අතර මාර්ග රැසක් හිමවලින් වැසී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.