ඉන්දුනීසියාවේ අතුරුදන් ගුවන් යානයේ බවට සැක කෙරෙන කොටස් කිහිපයක් හමුවෙයි

Saturday, 09 January 2021 - 22:06

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ආසන්නයේදී අතුරුදන්වූ යානයේ බවට සැක කෙරෙන සුන්බුන් කොටස් කිහිපයක් හමුවී තිබෙනවා.

ඒ ඉන්දුනීසියාවේ ලැන්කැන්ග් නම් දුපතක් ආසන්නයේ තිබියදීයි.

යානය සෙවීමට යොදවා ඇති ඉන්දුනීසියා නාවික හමුදා මෙහෙයුම් කණ්ඩායමක් විසිනුයි ඒවා සොයාගෙන ඇත්තේ.

කෙසේවෙතත් එම කොටස් අතුරුදන්වූ යානයේ ද යන්න නිශ්චිතව තහවුරු වී නොමැති අතර ඒවා වැඩිදුර විමර්ශණය සඳහා ජාතික ප්‍රවාහන ආරක්ෂණ කමිටුව වෙත යොමුකර තිබෙනවා.

මගීන් සහ කාර්ය මණ්ඩලය ද ඇතුලුව 62 දෙනෙකු සමග ගමන් කරමින් සිටියදී බෝයිං 737 වර්ගයේ මෙම යානය රේඩාර් පද්ධතියෙන් අතුරුදන්ව තිබුනා.

ඒ වන විට යානය ජකර්තා ගුවන්තොටුපලින් ගුවන්ගත වී විනාඩි 4ක පමණ කාලයක් ගතවී තිබු අතර අඩි 11000ක් පමණ ඉහළ අහසේ එය පියාසර කරමින් තිබුණා.

ඒ අඩි 13000ක් දක්වා පියාසර කිරීමේ අරමුණින්.

ඉන්දුනීසියා ගුවන් ගමන් පාලක බලධාරීන් සඳහන් කර ඇත්තේ යානය අතුරුදන්වීමට විනාඩියකට පමණ පෙර එය අඩි 10000කින් පහළට වැටී ඇති බවයි.

එය සිදුවී ඇත්තේ යානය පිටත්වී විනාඩි 4ක පමණ කාලයකින්.

මෙම යානය පිටත්වීමට පෙර සිදු කෙරෙන පරීක්ෂාවන්වලදී එය හොඳ තත්වයේ පැවති බව ශ්‍රී විජය ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රකාශකර තිබෙනවා.

ඉන්දුනීසියාවේ තුන්වන විශාලතම ගුවන් සමාගම ලෙසට සැලකෙන්නේ මෙම ගුවන් සේවයයි.

එමගින් ඉන්දුනීසියාව ද ඇතුලුව රටවල් කිහිපයක ගමනාන්ත 53කට මාසිකව ගෙනයන මගීන් සංඛ්‍යාව 950000කට අධිකයි.