මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව නව කෝටිය ඉක්මවා තිබෙනවා.
එම සංඛ්‍යාව නව කෝටි 77,446ක් ලෙසයි සටහන් වන්නේ.
එමෙන්ම, කොරෝනා මරණ දහනව ලක්ෂ 34,813 ක්ද දැනට වාර්තා වනවා.
කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ ලෝකවාසීන්ගේ සංඛ්‍යාව හය කෝටි 44 ලක්ෂ 63,000කට අධිකයි.
දෙකෝටි 27 ලක්ෂයකට ආසන්න වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, එරට කොරෝනා මරණ සංඛ්‍යාවද තුන්ලක්ෂ 81,000 කට අධිකයි.
ලොව ප්‍රථම කොරෝනා මරණය චීනයෙන් වාර්තා වූයේ මීට වසරකට පෙර එනම් 2020 වසරේ ජනවාරි 11 වැනිදායි.
මේ අතර, නව කොරෝනා වෛරස් ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර යන බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව 80,000 ඉක්මවා තිබෙනවා.
එමෙන්ම, එරට කොරෝනා වෛරස් එන්නත්කරණ වැඩසටහන යටතේ 94 හැවිරිදි දෙවන එලිසබෙත් මහ රැජිණට සහ 99 හැවිරිදි එඩින්බරෝ ආදිපාදවරයාට ඊයේ කොරෝනා වෛරස් එන්නත් ලබාදුන් බව බකිංහැම් මාලිගය නිවේදනය කළා.