න්‍යෂ්ටික අවි බලය ඉහළ නංවන බව උතුරු කොරියානු නායකයා කියයි

Sunday, 10 January 2021 - 13:51

%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B1%E0%B6%82%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇමෙරිකා එක්සත් ජනපදය තම රටේ පරම සතුරා වන අතර, ජනාධිපති ධුරයේ වෙනසින් තම රට කෙරෙහි ඇමෙරිකාවේ ආකල්පය වෙනස් වේයැයි අපේක්ෂා කළ නොහැකි බව උතුරු කොරියානු නායක කිම්ජොං අන් පවසනවා.

මේ නිසා උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි බලය සහ හමුදා ශක්තිය තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බවයි සිය පාලක කම්කරු පක්ෂයේ කොංග්‍රස් මණ්ඩලය අමතමින් ඔහු කියා සිටියේ.

න්‍යෂ්ටික සබ්මැරීනයක් ඉදිකිරීමේ සැලසුම් ද මේ වනවිට, සම්පූර්ණ වෙමින් පවතින බව ද උතුරු කොරියානු නායක කිම්ජොං අන් සඳහන් කළා.

උතුරු කොරියානු නායකයා ජනපති ට්‍රම්ප් සමඟ සාකච්ඡා වට කිහිපයකට එක්වූ නමුදු, උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවෙල සහ සම්බාධක ඉවත් කිරීම සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමට නොහැකිවුණා.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් ඇමෙරිකානු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට තවත් දින 10ක් පමණක් තිබියදීයි.