කඩා වැටුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ කළු පෙට්ටි වැටුණු තැන් හඳුනා ගැනේ

Sunday, 10 January 2021 - 16:16

%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
පුද්ගලයන් 62 දෙනෙකු සමඟ මුහුදට කඩා වැටුණු ඉන්දුනීසියානු බෝයිං 737 ගුවන් යානයේ කළු පෙට්ටි හෙවත් හඬ සහ දත්ත පටිගත කිරීමේ යන්ත්‍ර පවතින ස්ථාන හඳුනා ගෙන තිබෙනවා.

ජාකර්තා අගනුවරින් නික්මී මොහොතකට පසු ඊයේ අනතුරකට ලක්වූ මෙම ගුවන් යානයේ සුන්බුන් සහ මගීන්ගේ සිරුරු කොටස් කිහිපයක් දැනටමත් හමුවී ඇති බව සඳහන්.

ඉන්දුනීසියානු ජාතික ප්‍රවාහන ආරක්ෂණ කමිටුවේ ප්‍රධානියා කියා සිටියේ යානයේ කළු පෙට්ටි පවතින ස්ථාන හඳුනාගෙන ඇති බැවින් ඒවා කඩිනමින් ගොඩගැනීමට හැකිවනු ඇති බවයි.

ගුවන් යානයේ බව සැලකෙන සුන්බුන් හමුවූයේ ජාකර්තා නුවරට ඔබ්බෙන් වූ දූපත් පෙළක් ආශ්‍රිතවයි.

අනතුරට ලක්වූ ගුවන් යානයේ මගීන් 50 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු ගමන්ගෙන ඇති අතර ඔවුන් සියලුදෙනාම ඉන්දුනීසියානුවන්.

ඔවුන් අතර, ළමයින් 07 දෙනෙකු සහ ළදරුවන් තිදෙනෙකු ද සිටි බවයි වාර්තා වන්නේ.