ජනපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සූදානම්

Monday, 11 January 2021 - 9:27

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
අමෙරිකානු පාර්ලිමේන්තුවට කඩා වැදී ජෝ බයිඩ්න්ගේ ජනාධිපති ධූරය සනාථ කිරීමේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීම සඳහා අනුගාමිකයින් උසි ගැන්වීම හේතුවෙන් ජනපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය සැරසෙනවා.

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය සඳහා එය ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, ඒ පිළිබඳව ඡන්ද විමසීමක් හෙට දිනයේම සිදුකළ හැකි බව සඳහන්.

කෙසේ නමුත්, එය සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය සඳහා කඩිනමින් යොමු නොකිරීමටයි ඩිමොක්‍රටික් පක්ෂය තීරණය කර ඇත්තේ.

මේ වනවිට සෙනෙට් මණ්ඩලයේ බලය රිපබ්ලිකන්වරු සතුවන අතර, එහි තුනෙන් දෙකක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම අවිනිශ්චිතවීම ඊට හේතුවයි.

දෝෂාභියෝගය ජෝ බයිඞ්න් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී ප්‍රථම දින සියයෙන් පසු සෙනෙට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂිතයි.