ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීමක්

Monday, 11 January 2021 - 14:28

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 16,085 ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව එරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි හාර ලක්ෂ 67,000 ඉක්මවා තිබෙනවා.

එමෙන්ම, ඊයේ දිනය තුළ ඉන්දියාවෙන් වාර්තා වී ඇත්තේ කොරෝනා මරණ 161 ක් පමණයි.

එලෙස, දෛනික කොරෝනා මරණ 170 ට අඩුවෙන් වාර්තා වී ඇත්තේ දින 229 කට පසුව බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 51,000 කට අධිකයි.