වොෂින්ටන් අගනුවර කැපිටල් හෙවත් අමෙරිකානු පාර්ලිමේන්තුවට සිය අනුගාමිකයින් කඩා වැදීමට උසිගැන්වූ ජනපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ඩිමොක්රටික් පක්ෂය විසින් ඊයේ කොංග්රස් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ, ජනපති ට්‍රම්ප් ඉවත් කිරීම සඳහා සිය ව්‍යවස්ථාපිත බලය යොදා ගන්නා ලෙස උප ජනාධිපති මයික් පෙන්ස් වෙත දැනුම්දීමක් සිදුකිරීමෙන් අනතුරුවයි.
එසේ නොවුනහොත් දෝෂාභියෝග ඡන්දය අද දිනය තුළ පැවැත්වීමටයි ඩිමොක්රටික් පක්ෂයේ කතානායිකා නැන්සි පෙලෝසි තීරණය කර ඇත්තේ.
කෙසේ නමුත්, දෝෂාභියෝග යෝජනාව සෙනෙට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇත්තේ ජෝ බයිඩ්න් ජනාධිපති ධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුවයි.
දෝෂාභියෝගය සම්මත වුවහොත් ජනපති ට්‍රම්ප්ට යළි කිසිදා ජනාධිපති ධූරය හෝ අමෙරිකානු දේශපාලනයේ කිසිදු තනතුරක් දැරීමට නොහැකි වනවා.
මේ අතර, ජනාධිපති ධූරයට පත්ව සිටින ජෝ බයිඩ්න්ගේ දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙන ලබන 20 වැනිදා වොෂින්ටන් අගනුවර මෙන්ම අනෙකුත් ප්‍රාන්ත අගනුවරවල ට්‍රම්ප් හිතවාදීන්ගේ ප්රචණ්ඩ ක්‍රියා අපේක්ෂා කළ හැකි බවට එෆ්.බී.අයි. හෙවත් අමෙරිකානු මධ්‍යම ඔත්තු කාර්යාංශය අනතුරු අඟවා තිබෙනවා.