කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ජාතික හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර ඇති මැලේසියාවේ පාර්ලිමේන්තු රැස්වීම් සහ මැතිවරණ කල් දැමීමට පියවර ගෙන තිබෙනවා.
අග්රාමාත්ය මුහ්යිද්දීන් යාසින් ජාතිය අමතමින් අද මේ බව ප්රකාශ කළේ මැලේසියාවේ අල් - සුල්තාන් - මුස්තාෆා බිල්ලා ෂා රජු මුණ ගැසීමෙන් අනතුරුවයි.
අග්රාමාත්යවරයා කියා සිටියේ කොරෝනා වෛරස් ආසාදන තත්ත්වය සැලකිල්ලට ගෙන ලබන අගෝස්තු පළවනදා දක්වා ජාතික හදිසි තත්ත්වය ක්රියාත්මක වන බවයි.
එතෙක් හෝ රජු විසින් තීරණය කරන දිනයක් දක්වා පාර්ලිමේන්තු රැස්වීම් සහ මහමැතිවරණය ඇතුළු සියලු මැතිවරණ නොපවත්වන බව ඔහු අවධාරණය කළා.