පුද්ගලයින් හැට දෙදෙනෙකු සමඟ ජාවා මුහුදට කඩා වැදුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ හඬ දත්ත පටිගත කිරීමේ උපකරණ ඇතුළත් එක් කළු පෙට්ටියක් ගොඩගැනීමට හැකි වී තිබෙනවා.
ඉන්දුනීසියානු ජාතික ප්‍රවාහන ආරක්ෂණ කමිටුව සඳහන් කළේ යානයේ අනෙක් කළු පෙට්ටිය ගොඩගැනීම සඳහා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකෙරෙන බවයි.
ඒ සඳහා යොදා ගැනෙන උපකරණයේ තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් නව උපකරණයක් සිංගප්පූරුවෙන් ගෙන්වා ගැනීමට කටයුතු යොදා තිබෙනවා.
ගුවන් යානයේ සුන්බුන්, සිරුරු කොටස් මෙන්ම මගීන්ගේ ඇඳුම් ආදී ද්‍රව්‍ය රැසක් මේ වනවිට සොයාගෙන ඇති අතර, සෝදිසි මෙහෙයුමට නෞකා 50 කට වැඩි සංඛ්‍යාවක් සහ ගුවන් යානා 13 ක්ද එක්ව සිටින බව සඳහන්.
පසුගිය සෙනසුරාදා ජාකර්තා නුවර ප්‍රධාන ගුවන් තොටුපලෙන් නික්මුණු ශ්‍රී විජය ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය ඉන් විනාඩි 04 කට පසු රේඩාර් තිරයෙන් අතුරුදන් වුණා.
යානය එක්වරම වේගයෙන් මුහුදට පතිත වී පිපිරුණු බවයි ඒ අවට මුහුදේ පැවති ධීවර යාත්‍රාවල සිටි ධීවරයින් ප්‍රකාශ කළේ.
අනතුරට හේතුව සොයා බැලීමේ විමර්ශන සඳහා වසරක් පමණ ගතවනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
අනතුරට ලක්වූ බෝයිං 737 මැක්ස් වර්ගයේ මෙම ගුවන් යානා මාදිලිය 2019 වසරේ මාර්තු මාසයේ බිම්ගත කෙරුණේ මාරාන්තික අනතුරු දෙකකින් පසුවයි.
කෙසේ නමුත්, එම යානා මාදිලියට යළි පියාසර කිරීම සඳහා පසුගිය දෙසැම්බරයේදී අමෙරිකානු ගුවන් ආරක්ෂණ නියාමනයේ අනුමැතිය හිමිවුණා.