ඉන්දීය ගොවි විරෝධතාවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසඳුමක්

Wednesday, 13 January 2021 - 8:09

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දැවැන්ත ගොවි විරෝධතාවන්ට හේතු වූ මෝදි රජයේ ගොවි නීති 03 ක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවාලීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ පියවර ගත්තා.

එමෙන්ම, ගොවීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා කෘෂිකාර්මික විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක්ද එමඟින් පත්කර තිබෙනවා.

ඉන්දීය අගවිනිසුරු ශරාඩ් අර්වින්ද් බොබ්ඩේ ප්‍රකාශ කළේ ගොවීන් නැවතත් ඔවුන්ගේ ජීවිකා වෘත්තිය වෙත යොමු කිරීම වැදගත් වන බවයි.

දින 45 ක් තිස්සේ මෙම ගොවි විරෝධතාව ක්‍රියාත්මක වන්නේ කොරෝනා වසංගතය මැද පසුගිය සැප්තැම්බරයේ මෝදි රජය සම්මත කරගත් ගොවි නීතිවලට එරෙහිවයි.

එමඟින් පෞද්ගලික අංශයට ගොවිබිම් අත්පත් කර ගැනීමට සහ මිල පාලනයට ඉඩ සැලසෙන බව ගොවීන්ගේ අදහසයි.

පන්ලක්ෂයකට අධික ගොවීන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක විරෝධතාව මෝදි රජය මුහුණදෙන ප්‍රබලතම අභියෝගයක් ලෙසයි සැලකෙන්නේ.