එළඹෙන 21 වනදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කිරීම සඳහා මේ වනවිට සියයට 90 ක වැඩ කොටසක් අවසන් බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වෙමින්.
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් කරමින් සහතිකයක් ද ලබාදී තිබෙනවා.
ඒ ගුවන්තොටුපලේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය සහ ඒ වෙනුවෙන් ගෙන ඇති සෞඛ්යාරක්ෂිත ක්රියාපිලිවෙත් ඇගයීමට ලක් කරමින්.
පසුගිය 11 වනදා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරිට ලබා දුන් එම සහතිකය ඊයේ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක වෙත පිළිගැන්වුණා.