සුවය ලැබූ ආසාදිතයන් 43000 ඉක්මවයි

Wednesday, 13 January 2021 - 16:17

%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+43000+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 646ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 43267ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6026 ක් වන අතර, මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 49,537ක්.