ගූගල් අන්තර්ජාල සෙවුම් යෙදවුම මෙන්ම, යූ ටියුබ් වීඩියෝ හුවමාරු සමාජ මාධ්‍යයේ හිමිකාරිත්වය දරන ඇල්ෆබට් ආයතනය මගින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යූ ටියුබ් චැනලය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ පසුගිය සතියේ ඇමෙරිකානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආක්‍රමණය කිරීම සඳහා සිය අනුගාමිකයන් ප්‍රචන්ඩකාරි ලෙස මෙහෙයවීමට ප්‍රතිචාර දක්වමින්.
මේ වනවිට ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය මගින් ද ජනපති ට්‍රම්ප්ට මීට සමාන තහනමක් පනවා ඇති අතර, ඔහුගේ යූ ටියුබ් චැනලය අත්හිටුවන ලෙස ව්‍යාපාරික ප්‍රජාව ද ඉල්ලීම් කර තිබූ බව සඳහන්.
එසේ නොමැති වුවහොත් එහි සිය වෙළඳ දැන්වීම් ප්‍රචාර නතර කරන බවයි ඔවුන් දැනුම්දී තිබුණේ.