පස් හැවිරිදි කුඩා දියණියකට අමානුෂික ලෙස අතවර කිරීම සම්බන්ධයෙන් 41 හැවිරිදි දෙදරු පියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සිය බිරිඳගෙන් වෙන්ව සිටින අයකු වන අතර අතවරයට ලක්වූ දැරියගේ පියාට අයත් වත්තක සේවකයකු ලෙස ද ඔහු කලක් සේවය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
අපයෝජනයට ලක්වූ දැරිය රක්වාන ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.
පසුගිය දිනක පෙරවරුවේ නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවක ඔහු කුඩා දැරිය රවටාගෙන අසළ පිහිටි ලඳු කැලෑවකට රැගෙන ගොස් මෙම අතවරය සිදුකර ඇති බවයි පොලිසිය සිදුකල වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන රක්වාන පොලිසිය විසින් සිදු කිරීමට නියමිතයි.