නිදොස් කොට නිදහස් වූ පිල්ලෙයාන්ගෙන් පැහැදිළි කිරීමක් (වීඩියෝ)

Wednesday, 13 January 2021 - 19:39

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ර ජෝසප් පරරාජසිංහම් ඝාතන සිද්ධියට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු චූදිතයන් පස් දෙනා නිදොස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය අද නියෝග කළා.

මඩකලපුව මහාධිකරණ විනිසුරු ඩී.එස්.සුසෙයිදාසන් අද උදෑසන එම නියෝගය නිකුත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දීමෙන් අනතුරුවයි.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් 2005 වසරේ දෙසැම්බර් මස 25 වැනිදා මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේදී ඝාතනය කෙරුණා.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ 2015 වසරේ ඔක්තෝම්බර් මස 09 වැනිදායි.

පසුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර, පසුගිය වසරේ නොවැම්බර් 24 වනදා ඔවුන් ඇප මත මුදා හැරුණා.

නිදහස ලැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙන් චන්ද්‍රකාන්තන් මාධ්‍ය හමුවක් කැඳවමින් මෙලෙස අදහස් පළ කළා.

“2015 වසරේ බලයට පැමිණි යහපාලන ආණ්ඩුව එයාලට සහය දුන් අයව සතුටු කිරීමට මාව සිරගත කළා. විශේෂයෙන් එයාලට සහයෝගය ලබාදුන් දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීමට අනුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරපු නිසා මාව හිරගෙදරට ගියා. නමුත් මට විශ්වාසයක් තිබුණා ඉතිහාසය මාව නිවැරදි කරාවි කියලා. මේ නඩුවට මාගේ කිසි සම්බන්ධයක් නැහැ. අඩුම තරමේ ජෝශප් පරාරාජසිංහම් කියලා කෙනෙක් මම දැකලාවත් තිබුණේ නැහැ. සමහර අය නැගෙනහිර පළාතේ මාව ඉහළට එයි කියලා තිබුණු බවට මාව මේ විදිහට සිරගත කිරීමට කටයුතු කළා. වසර කිහිපයක් ඇප ඉල්ලීම් කළත්, ඒවා ප්‍රතික්ෂේප වුණා. සමහර අවස්ථාවලදී අධිකරණයට සම්බන්ධ අයට තමන්ගේ උසස්වීම් ලබා ගන්න අවශ්‍යව තිබුණා. එයාලා යහපාලන ආණ්ඩුව සතුටු කළා. සුමන්දිරන්, මංගල සමරවීර යන අය මේකට කෙලින්ම මැදිහත් වුණා. යහපාලන ආණ්ඩුව තමන්ගේ දේශපාලන පලිගැනීම් සිදුකරන්න ඇතැම් අය පාවිච්චි කළා කියන එකට හොදම සාක්ෂිය තමයි මම.

විපක්ෂයේ ඇතැම් පුද්ගලයෝ බොරු චෝදනා ඉදිරිපත් කරලා මාව උසාවි දාන්න කටයුතු කළා. අද රන්ජන් රාමනායක උසාවියට අපහාස කරලා තමයි හිරේ ගියේ. සමහර අය ඒ සිද්ධිය මගේ සිද්ධියත් එක්ක සම්බන්ධ කරන්න උත්සාහ කරනවා. පසුගිය කාලයේ ඒ අය අධිකරණ ක්ෂේත්‍රයට කරපු බලපෑම හඬපට වලින් ඔප්පු වෙලා තියෙනවා. ඒ අය, තවත් මේ වගේ කී දෙනෙකුට කරන්න ඇති ද ? මගේ මේ නිදහස් වීම සම්බන්ධයෙන් මම ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සමග කිසි දවසක කතා කරලා නැහැ කියලත් කියන්න ඕන. ”