මහර බන්ධනාගාරයට ලැබුණු පාර්සලයක් ගැන බුද්ධි ඒකකය විමර්ශන අරඹයි

Thursday, 14 January 2021 - 8:10

%E0%B6%B8%E0%B7%84%E0%B6%BB+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
මහර බන්ධනාගාරයේ රැඳවියෙකු හට ලබාදීමට රැගෙන ආ බවට සැක කෙරෙන ජංගම දුරකථන දෙකක් සොයා ගෙන තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ මහර බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙකු දුරකථන ඇමතුමක් මගින් බන්ධනාගාර රැඳවියෙකු බැලීමට පැමිණි පුද්ගලයෙකුට ආහාර පාර්සලයක් රැගෙන ප්‍රධාන දොරටුව වෙත යාමට අවසර ලබාදී ඇති බවයි.

පසුව එම පුද්ගලයා ආහාර පාර්සලය තබා පිටව ගොස් ඇති අතර, එය පරීක්ෂා කිරීමේදී සූක්ෂමව සඟවා තිබූ ජංගම දුරකථන දෙකක් සහ දුම්කොළ කුඩු පාර්සලයක් සොයාගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා බන්ධනාගාර බුද්ධි ඒකකයට නියෝග කර ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.