හොර බීඩි නිෂ්පාදනාගාරයක් වටලයි

Thursday, 14 January 2021 - 8:31

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B6%E0%B7%93%E0%B6%A9%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මාතලේ ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය නීතිවිරෝධී බීඩි නිෂ්පාදනාගාරයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වටලා තිබෙනවා.

සුරාබදු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ මෙම වැටලීමේදී සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.

එහිදී නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කළ බීඩි 150,000 ක් සහ බීඩි එතීම සඳහා ගන්නා කොළ සහ කැපූ දුම්කොළ කිලෝග්‍රෑම් 100 ක් ද සොයා ගෙන තිබෙනවා.

බීඩි නිෂ්පාදනය සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වුවත්, මොවුන් බලපත්‍ර ලබාගැනීමකින් තොරව කලක සිට මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවටයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.