දුප්පත් රටවලට කොරෝනා එන්නත් ලබාගැනීමට ලෝක බැංකු සහය

Thursday, 14 January 2021 - 8:54

%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
දුප්පත් රටවලට කොරෝනා වෛරස් එන්නත් මිලදී ගැනීම ගැටළුවක් වී ඇති අතර, ඒ සඳහා සහය වීමට සූදානම් බව ලෝක බැංකුව පවසනවා.

ලෝක බැංකුවේ ප්‍රධානී ඩේවිඩ් මල්පාස් වොෂින්ටනයේදී ප්‍රකාශ කළේ එම රටවල් කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් විවිධ ගැටළුවලට මුහුණපාන බවයි.

අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා පමණක් නොව ණය බර ඉහළ යෑම සහ ආයෝජන ප්‍රමාණවත් නොවීම ඒ අතර වනවා.

කොවිඩ් 19 වසංගතයෙන් ලොව පුරා අසාමානාත්මතාව ඉහළ ගොස් ඇති බව ලෝක බැංකු ප්‍රධානියාගේ අදහසයි.

කොරෝනා වෛරස් එන්නත් සමාන අන්දමින් බෙදාහැරීම සඳහා ලොව රටවල් සියයකට ඩොලර් බිලියන දහය දක්වා අඩු පොලියක් යටතේ ණය ලබාදීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ඔහු කියා සිටියේ.

සංවර්ධිත රටවල කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීමද එම රටවල ආර්ථික ක්‍රියාකාරකම් පණ ගැන්වීමට වැදගත් වනවා.

දුප්පත් රටවල අපනයන වෙළඳපොල සංවර්ධිත රටවල් බැවින් එම රටවල එන්නත්කරණ වැඩසටහන්ද සාර්ථක ලෙස ක්‍රියාත්මක විය යුතු බවයි ලෝක බැංකු ප්‍රධානී ඩේවිඩ් මල්පාස් වැඩිදුරටත් සඳහන් කළේ.