ගජමුතු සමඟ පස් දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

Thursday, 14 January 2021 - 8:58

%E0%B6%9C%E0%B6%A2%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගජමුතු 04 ක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු සහ සැකකාරියක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හම්බන්තොට ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් පිරිස මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ගජමුතු 04 හම්බන්තොට වනජීවි කාර්යාලයට භාර දී තිබෙනවා.

මේ ආකාරයෙන් විවිධ අවස්ථාවන්වලදී ගජමුතු සහ ඒවා බවට පවසමින් වෙනත් ද්‍රව්‍යයන් විවිධ පුද්ගලයින්ට අලෙවි කිරීමේ ජාවාරම් සම්බන්ධයෙන් දිගින් දිගටම පොලිසියට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, සොයා ගනු ලැබූ ගජමුතු නියම වටිනාකමින් යුත් ගජමුතුද යන්න මෙතෙක් තහවුරු කර නැහැ.