මාස 08 කට පසු චීනයේ කොවිඩ් මරණයක්

Thursday, 14 January 2021 - 10:22

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+08+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරස් ව්‍යාප්තියේ ආරම්භය සිදුවූවත් මේ වනවිට එය බොහෝ දුරට පාලනය කර ඇති චීනයෙන් අද කොරෝනා මරණයක් වාර්තා වුණා.

එය මාස 08 කට පසු චීනයෙන් වාර්තා වන ප්‍රථම කොරෝනා මරණයයි.

කොරෝනා වෛරස් ව්‍යාප්තියේ තවත් රැල්ලක් පැන නැගීම වැළැක්වීම සඳහා චීනය මේ වනවිට දැඩි ප්‍රයත්නයක නිරත වන්නේ කොරෝනා වෛරසයේ මූලාරම්භය සෙවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් පැමිණීමට නියමිතව තිබියදීයි.

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ චීනයෙන් නව කොරෝනා ආසාදිතයින් 138 දෙනෙකු වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරේ මාර්තු මාසයෙන් පසු වාර්තා වන වැඩිම දෛනික ආසාදිත සංඛ්‍යාවයි.