දකුණු කොරියාවේ හිටපු ජනපතිනියගේ සිරදඬුවම තහවුරු වේ

Thursday, 14 January 2021 - 11:33

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%9A
දූෂණ චෝදනා මත දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාර්ක් ගුවෙන් - හයි ට නියම කෙරුණු සිරදඩුවම එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද තහවුරු කළා.

දකුණු කොරියාවේ ප්‍රථම ජනාධිපතිනිය වූ ඇගේ පාලනය 2017 වසරේදී බිඳ වැටුණේ මූල්‍ය දූෂණ සහ බලය අයුතු ලෙස යොදා ගැනීමේ චෝදනා එල්ල වීමත් සමඟයි.

එමෙන්ම, ඇය බලයෙන් පහ කෙරුණු දකුණු කොරියාවේ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා පත් කර ගැණුනු නායිකාව වීම ද විශේෂත්වයක්.

ඇයට 2018 වසරේදී වසර 30 ක සිරදඩුවමක් සහ වොන් බිලියන 20 ක දඩයක් ද නියම කෙරුණා.

එහෙත්, ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අද එම සිරදඩුවම වසර 20 ක් දක්වා අඩු කර තිබෙනවා. එමෙන්ම, ඇය වොන් බිලියන 18 ක දඩයක් ද ගෙවිය යුතු බවටයි දකුණු කොරියාවේ උපරිමාධිකරණය නියෝග කළේ.