කොළඹ කොරෝනා ආසාදිතයින් යළි ඉහළට - සුවය ලැබීමේ ප්‍රතිශතය සියයට 87 ක් වෙයි (වීඩියෝ)

Thursday, 14 January 2021 - 13:07

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%81%E0%B6%AD%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+87+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පසුගිය දින කිහිපයේ ආසාදිතයින්ගේ අඩුවීමක් පෙන්නුම් කළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ යළිත් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වුණා.

මෙරටින් ඊයේ වාර්තා වූ ආසාදිතයින් හයසිය අනූ දෙදෙනා අතරින් 233 ක් වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹින් වාර්තා වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ඉන් ආසාදිතයින් 30 දෙනෙකු දෙමටගොඩින් හඳුනාගෙන තිබූ අතර, බොරැල්ලෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 18 ක්. මරදාන ප්‍රදේශයෙන් 16 ක්, අලුත්කඩේ ප්‍රදේශයෙන් 16 ක්, බ්ලූමැන්ඩල් ප්‍රදේශයෙන් 12 ක්, මට්ටක්කුලියෙන් 11 ක්, වැල්ලම්පිටියෙන් 11 ක් ලෙස තවදුරටත් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් වාර්තා වුණා.

එසේම, ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 119 දෙනෙකු හඳුනාගත් අතර, ඉන් වැඩිම සංඛ්‍යාව වූ තිස් දෙදෙනෙකු වාර්තා වූයේ මීගමුවෙන්.

එසේම, කළුතර දිස්ත්‍රික්කයෙන්ද ඊයේ ආසාදිතයින් 112 දෙනෙකු හඳුනා ගැනුණා.

ඊයේ දිනයේදී මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34 ක් දෙනෙකුද වාර්තා වුණා.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙරටින් වාර්තා වන ආසාදිතයින් අතරින් සුවය ලබා පිටත්ව යන ප්‍රතිශතය 87% ක් වැනි ඉහළ අගයක පවතින බවයි.

මේ අතර, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරටට ලබාගැනීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

දිවයිනට පැමිණෙන එන්නතක් කඩිනමින් ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.

එසේම, කොරෝනා වෛරසයේ විකෘති වූ නව ප්‍රභේදය ආසාදනය වූ බි්‍රතාන්‍ය ජාතිකයාගෙන් වෛරසය සමාජයට ඇතුළුවීමේ අවදානමක් නොමැති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අවධාරණය කළා.

බස්නාහිර පළාතෙන් පිටව යන ස්ථාන 11 කදී සිදුකෙරෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ තවදුරටත් සිදුකෙරෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ මේ වනවිට කාර්යාල ආශ්‍රිතව සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන්නේද යන්න සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනද සිදුකෙරෙන බවයි.