අප්‍රිකාව කොරෝනා එන්නත් මිලියන 270 ක් ලබා ගනී

Thursday, 14 January 2021 - 13:50

%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+270+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
අප්‍රිකානු මහද්වීපයේ බෙදා හැරීම සඳහා අප්‍රිකානු සංගමය විසින් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 270 ක් ලබා ගෙන තිබෙනවා.

එම එන්නත් සියල්ල මේ වසර තුළ ලබාදීමට කටයුතු කරන බවයි අප්‍රිකානු සංගමයේ ප්‍රධානී දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා ප්‍රකාශ කළේ.

අප්‍රිකානු මහද්වීපය සඳහා කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 600 ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර, දැන් ලබාගෙන ඇත්තේ ඉන් පළමු කොටසයි.

කෙසේ නමුත්, මෙය සමස්ත අප්‍රිකානු කලාපයම එන්නත්කරණය සඳහා ප්‍රමාණවත් නොවන බව සඳහන්.

අප්‍රිකානු මහද්වීපයේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය සහ මරණ සාපේක්ෂව අඩු මට්ටමක පැවතුණ ද, ඇතැම් ප්‍රදේශවල සීඝ්‍ර පැතිරීමක් දක්නට ලැබෙනවා.

විශේෂයෙන් නව කොරෝනා වෛරස් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් වාර්තා වීම අවදානම් තත්ත්වයක් ලෙසයි සැලකෙන්නේ.