අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව ලෙස සැලකෙන රැපිඩ් ටයර් කර්මාන්තශාලාව හොරණ, වගවත්ත, අපනයන සැකසුම් කලාපයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මීට සුලු වේලාවකට පෙර විවෘත කර තිබෙනවා.
මෙරට ටයර් නිෂ්පාදනයේ සුවිශේෂි පෙරළියක් සිදු කරමින් වැඩකටයුතු ආරම්භ කරන මෙම කර්මාන්තශෘලාව අති නවීන යුරෝපීය තාක්ෂණ ක්‍රමවේදයන්ගෙන් සන්නද්ධයි.
අමෙරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජනයෙන් අක්කර 155ක භූමි ප්‍රදේශයක පැතිරී ඇති කර්මාන්තශාලාවේ පළමු අදියරේ නිෂ්පාදනයන්ගෙන් 80%ක ප්‍රමාණයක් අපනයනය කෙරෙනවා.
ඉතාලියේ ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන ‘ෆෙරෙන්ටිනෝ“ ටයරය මෙම කර්මාන්තශාලාවේදී නිෂ්පාදනය කිරීමට නියමිතයි.
දැනටමත් පළමු පියවර හරහා සෘජු රැකියා අවස්ථා සිය ගණනක් බිහිකර ඇති අතර ඒ හරහා උත්පාදනය වන වක්‍ර රැකියා අවස්ථා තවත් වැඩි වනවා.
රැපිඩ් ටයර් කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමත් සමඟ මෙරට රබර් කර්මාන්තකරුවන්ට සිය නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබා ගැනීමේ
අවස්ථාව ද හිමිවනු ඇති.
කුඩා මෝටර් රථවල සිට අති දැවැන්ත බරවාහන දක්වා වන සියලු කාණ්ඩයේ ටයර් මෙම කර්මාන්තශාලාවේදී නිෂ්පාදනය කිරීමට නියමිතයි.
ඉදිරියේදී මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදන දේශීය වෙළෙඳපොළටත් නිකුත් කිරීමට මෙම ආයෝජකයින් බලාපොරොත්තු වනවා.
අක්කර 155 ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී ඇති මෙම ටයර් කර්මාන්තශාලාවේ පළමු අදියරේ නිෂ්පාදන කටයුතුයි අද ආරම්භ වුණේ.
මෙරට ටයර් නිෂ්පාදනයේ සුවිශේෂී පෙරලියක් සිදුකරමින් වැඩකටයුතු ආරම්භ කරන මෙම කර්මාන්තශාලාව අති නවීන යුරෝපීය තාක්ෂණ ක්‍රමවේදයන්ගෙන් සන්නද්ධයි.
කුඩා මෝටර් රථවල සිට අති දැවැන්ත බරවාහන දක්වා වන සියලු කාණ්ඩයේ ටයර් මෙම කර්මාන්තශාලාවේදී නිෂ්පාදනය කිරීමට නියමිතයි.
පළමු අදියර සඳහා කර ඇති ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක්.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එස්.යු.වී රථ සඳහා විශේෂ කාණ්ඩයක්, මෝටර් රථ, යතුරුපැදි හා ත්‍රිරෝද රථ ඇතුළු ලෝක වෙලඳපොලට අවශ්‍ය ටයර් රැසක් මෙහිදී නිපදවනු ලබන බවයි.
නිෂ්පාදනයෙන් සියයට 80 ක් අපනයනය කෙරෙන අතර ඉතිරි සියයට 20 දේශීය වෙළඳපොලට සැපයෙනවා.
සමාගමේ ප්‍රථම නිෂ්පාදන තොගය මේ මාසයේ ඇමෙරිකාවට අපනයනය කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.
මහා සංඝරත්නය, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, මහින්ද අමරවීර, රමේෂ් පතිරණ ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.






























Follow US







Most Viewed Stories