කඩා වැටුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ දෙවන කළු පෙට්ටිය සොයා මෙහෙයුම් යළි ඇරඹේ

Thursday, 14 January 2021 - 15:50

%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
මගීන් සහ කාර්ය මණ්ඩලයේ 62 දෙනෙකු සමඟ ජාවා මුහුදට කඩා වැටුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ දෙවන කළුපෙට්ටිය සොයා කිමිදුම්කරුවන් සහ ගවේෂණ යාත්‍රා අද නැවතත් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා අනතුරට ලක්වූ බෝයිං 737 වර්ගයේ ගුවන් යානයේ එක් කළු පෙට්ටියක් මේ වනවිට සොයා ගනු ලැබූ අතර, දෙවැන්න සොයා ගැනේ මෙහෙයුම ඊයේ තාවකාලිකව නතර කළේ අයහපත් කාලගුණය හේතුවෙන්.

වසර 27ක් පැරණි යානයේ සුන්බුන් සහ මගීන්ගේ සිරුරු කොටස් රැසක් මේ වනවිට සොයා ගෙන තිබෙනවා.

මගීන් සහ කාර්ය මණ්ඩලය ද ඇතුලුව 62 දෙනෙකු සමග ගමන් කරමින් සිටියදී බෝයිං 737 වර්ගයේ මෙම යානය රේඩාර් පද්ධතියෙන් අතුරුදන්ව තිබුනා.

ඒ වන විට යානය ජකර්තා ගුවන්තොටුපලින් ගුවන්ගත වී විනාඩි 4ක පමණ කාලයක් ගතවී තිබු අතර අඩි 11000ක් පමණ ඉහළ අහසේ එය පියාසර කරමින් තිබුණා.

ඒ අඩි 13000ක් දක්වා පියාසර කිරීමේ අරමුණින්.

ඉන්දුනීසියා ගුවන් ගමන් පාලක බලධාරීන් සඳහන් කර ඇත්තේ යානය අතුරුදන්වීමට විනාඩියකට පමණ පෙර එය අඩි 10000කින් පහළට වැටී ඇති බවයි.

එය සිදුවී ඇත්තේ යානය පිටත්වී විනාඩි 4ක පමණ කාලයකින්.

මෙම යානය පිටත්වීමට පෙර සිදු කෙරෙන පරීක්ෂාවන්වලදී එය හොඳ තත්වයේ පැවති බව ශ්‍රී විජය ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රකාශකර තිබෙනවා.

ඉන්දුනීසියාවේ තුන්වන විශාලතම ගුවන් සමාගම ලෙසට සැලකෙන්නේ මෙම ගුවන් සේවයයි.

එමගින් ඉන්දුනීසියාව ද ඇතුලුව රටවල් කිහිපයක ගමනාන්ත 53කට මාසිකව ගෙනයන මගීන් සංඛ්‍යාව 950000කට අධිකයි.