මහරගම වෙළඳුන් අදත් නොසන්සුන්

Friday, 15 January 2021 - 12:17

%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A


මහරගම නගර සභාව විසින් පරණ බස් නැවතුම්පොල අසල අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ ඇති වූ නොසන්සුන් තත්ත්වය හේතුවෙන් පොලීසිය එය වසා දැමීමට කටයුතු කිරීම පිළිබඳව වෙළඳුන් සහ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් අදත් විරෝධය පළ කළා.

පෙරේදා දිනයේදී මෙලෙස අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට මහරගම නගර සභාව කටයුතු කළ අතර පොලීසිය සහ වෙළඳුන් අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

කෙසේ වෙතත්, අධිකරණයට කරුණු වාර්තා කර ඉන් ලැබෙන නියෝග අනුව දෙපාර්ශවයම කටයුතු කළ යුතු බව පොලීසිය දැන්වීමත් සමඟ විරෝධතාවය අවසන් වුණා.

එහෙත් අද දිනයේත් නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් සහ වෙළඳසැල් හිමියන් පිරිසක් එම ස්ථානයට පැමිණ විරෝධතාවයේ නිරත වුණේ එම ස්ථානය වසා දමමින් පොලීසිය කටයුතු කිරීම අසාධාරණ බව පවසමින්.

එම ස්ථානයට පැමිණ සිටි සමගි ජනබලවේගයේ මෙන්ම, පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරුන් සහ වෙළඳුන් අතර මෙවැනි උණුසුම් සංවාදයක් ඇති වුණා.