ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව හෙට සිට ඉවතට

Friday, 15 January 2021 - 19:09

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
ඇහැලියගොඩ, පානදුර සහ බේරුවල පොලිස් වසම්වල හුදෙකලා ඇති ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව හෙට (16)  උදෑසන 5 සිට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්දෙන්නේ ඇහැලියගොඩ පොලිස් වසමේ මින්නාන, බෝපත්ඇල්ල, විලේගොඩ, අස්ගඟුල සහ යකුදාගොඩ ග්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදෙකලා තත්වයෙන් ඉවත් කෙරෙන බවයි.

පානදුර පොලිස් වසමේ 675 තොටවත්ත ග්‍රාම නිලධාරී වසම ද හෙට උදෑසන 5 සිට හුදෙකලා බවින් නිදහස් කෙරෙනවා.

මේ අතර බේරුවල පොලිස් වසමේ මග්ගොඩ, නැගෙනහිර සහ මග්ගොන බටහිර ග්‍රාම නිලධාරී වසම් ද හෙට උදෑසන 5 සිට හුදෙකලා බවින් නිදහස් වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්දෙන්නේ.