ගම්පහ - මිරිස්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් ඊයේ පස්වරුවේ කොල්ලකෑමකට ලක්වුණා.
එහිදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එහි තිබූ රුපියල් කෝටි 04ක් පමණ වටිනා ස්වර්ණාභරණ සහ මුදල් පැහැරගෙන ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.
සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 05ක් යොදවා ඇති බවද ඔහු ප්‍රකාශ කළා.