බ්‍රිතාන්‍යය දේශ සීමා වසා දමයි - ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන අද ඇරඹේ

Saturday, 16 January 2021 - 8:10

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ලබන සඳුඳා අලුයම හතරේ සිට බ්‍රිතාන්‍යයේ සියලු සංචාරක දේශසීමා වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.

අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කළේ මෙතෙක් හඳුනා නොගත් නව වෛරස් ප්‍රභේද රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා එම පියවර ගනු ලැබූ බවයි. විදේශයන් හි සිට පැමිණෙන ඕනෑම අයෙකු තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු කළ යුතුයි.

මෙලෙස දේශසීමා වසා දැමීමට පෙර බ්‍රිතාන්‍යය, දකුණු අමෙරිකාවේ සහ පෘතුගාලයේ සිට පැමිණෙන පුද්ගලයින්ට එරෙහිව සංචාරක තහනමක් පනවනු ලැබුවා. ඒ, බ්‍රසීලයෙන් සොයාගෙන ඇති නව කොරෝනා වෛරස් ප්‍රභේදයද බි්‍රතාන්‍යයට ඇතුළුවීමේ අවදානම හේතුවෙන්.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියේ නව රෙගුලාසි අවම වශයෙන් ලබන පෙබරවාරි 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇති බවයි.

ඊයේ දිනයේදීද බි්‍රතාන්‍යයෙන් කොරෝනා මරණ 1,280 ක් වාර්තා වූ අතර, ඒ අනුව එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 87,295 දක්වා ඉහළ යනවා.

බ්‍රිතාන්‍යයෙන් කොරෝනා ආසාදිතයින් තිස් තුන් ලක්ෂ 16,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වුණා.

බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවල කොරෝනා ව්‍යාප්තිය මෙලෙස ඉහළ ගොස් ඇත්තේ ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන දෙකේ සීමාව ඉක්මවා යද්දීයි.

මේ අතර, ලොව විශාලතම කොරෝනා එන්නත්කරණ වැඩසටහන ඉන්දියාවේදී අද ආරම්භ වන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.

කොරෝනා වෛරසයෙන් ලොව දෙවනුව වැඩිම පීඩාවට ලක්වූ රට වන ඉන්දියාවේ කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට එක්කෝටි පන්ලක්ෂ 42,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 52,000 කට අධිකයි.

ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහනේ පළමු අදියර යටතේ කෝටි 03 ක් ජනතාවට කොරෝනා එන්නත් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ඉන්දියාවේ පූනේ හි සේරම් ආයතනයේ නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ් ලෙස හඳුන්වන බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවි - ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙන්ම භාරත් බයෝටෙක් ඉන්දීය කොරෝනා එන්නත මෙහිදී ලබාදීමට නියමිතයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories