කොවිෂීල්ඩ් කොරෝනා එන්නතේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවන අයුරු හෙලිදරව් කෙරේ

Saturday, 16 January 2021 - 9:29

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B7%93%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B1%E0%B6%82%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
කොවිෂීල්ඩ් හෙවත් ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් සරසවි - ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා එන්නතේ ක්‍රියාකාරීත්වය එන්නත් මාත්‍රා දෙක අතර පරතරය මත රඳා පවතින බව ඉන්දියාවේ ප්‍රකට විද්‍යාඥයෙකු වන අදාර් පූනවල්ලා පවසනවා.

පූනේ නගරයේ පිහිටි ඉන්දීය සේරම් එන්නත් නිෂ්පාදන ආයතනයේ ප්‍රධානියාද වන ඔහු සඳහන් කළේ කොවිෂීල්ඩ් මෙන්ම භාරත් බයෝටෙක් කොරෝනා එන්නත් මාතා දෙකක් අතර පරතරය දින 28 ක් වත් පැවතිය යුතු බවයි.

පළමු එන්නත් මාත්‍රාව සහ දෙවන එන්නත් මාත්‍රාව අතර පරතරය ඊට වඩා අඩුවූවද එන්නත මගින් 70% ක පමණ කාර්යක්ෂමතාවයක් අපේක්ෂා කළ හැකියි.

 එහෙත් එය සති 04 ඉක්ම වුවහොත් ක්‍රියාකාරීත්වය 80% දක්වා ඉහළ යන බවයි සේරම් ආයතනයේ විධායක අධ්‍යක්ෂ සුරේෂ් ජාදව් ප්‍රකාශ කළේ.

මේ නිසා එන්නත් මාත්‍රා දෙක අතර සති 06 ක හෝ 08 ක පරතරයක් පවත්වා ගැනීමෙන් එහි ක්‍රියාකාරීත්වය තවදුරටත් ඉහළ නැංවිය හැකි බව ඔහුගේ අදහසයි. ලොව විශාලතම එන්නත්කරණ වැඩසටහන අද ඉන්දියාවේ ආරම්භ වන්නේ කොවිෂීල්ඩ් සහ භාරත් බයෝටෙක් එන්නත් යොදා ගනිමින්.