පළමු කොරෝනා ආසාදිතයා හඳුනා ගැනීම අවිනිශ්චිතයි

Saturday, 16 January 2021 - 10:27

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ලොව මුලින්ම කොරෝනා වෛරසය ආසාදය වූ පුද්ගලයා ඇතැම්විට කිසිදා අනාවරණ කර ගැනීමට නොහැකිවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබඳ සොයා බැලීම සඳහා චීනයේ වූහාන් නුවරට පැමිණි විශේෂඥ කණ්ඩායම ඒ බව ප්‍රකාශ කළා.

පළමු කොරෝනා පොකුර 2019 වසරේ දෙසැම්බරයේ වාර්තා වූයේ වූහාන් නුවරින්.

කොරෝනා වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩසටහන් දැන් ලොව පුරා රටවල් 46ක ආරම්භ වී ඇති අතර ඉන් 38 ක්ම ඉහළ ආදායම් ලබන රටවල්.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ඉදිරි දින 100 තුළ ලොව සෑම රටකම කොරෝනා එන්නත්කරණ වැඩසටහන් ආරම්භ වනු දැකීම තම අපේක්ෂාව බවයි.